පවුල් ආරවුල දුර දිග ගොස් පියා කැත්තකින් තරුණ පුතුට පහර දෙයි
Tuesday, 05 May 2020 - 13:42 | Views - 977
හිනිදුම විරපාන ප්රදේශයේ පියකු විසින් තම පුතුට කැත්තකින් පහරදිම සම්බන්දයෙන් පියා කැත්ත සමග අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.
අංක 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව හිනිදුම පොලිසියේ නිලධාරින් මෙම නිවසට ගොස් සැකකාර පියා පහරදිමට යොදාගත් කැත්ත සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
සැකකාර පියා 58 හැවිරිදිවියේ පසුවන අයෙක්. පවුල් ආරවුලක් හේතුවෙන් පියා පුතුගේ හිසට පහරදි ඇති අතර පුතුගේ හිසේ සුළු තැලිම් තුවාලයක් තිබෙන බව පොලිසිය පවසයි. පුතු 29 හැවිරිදි වියේ පසුවන අයෙක්..
පහරකැමට ලක්වු පුතු අද (05) දින අන්තර් ජාලය ඔස්සේ විභාගයකට පෙනිසිටිමට සුදානමින් සිටින බවද පොලිසිය පවසයි.
පොලිසිය විසින් පුතුගෙන්ද ප්රකාශයක් ලබාගෙන ඇති අතර සැකකාර පියා අද දින (05) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බවත් සදහන්.
Share This Article