මිරිහාන සහ නුගේගොඩ කොට්ඨාශවල 1200ක් ගම්බිම් වෙත
Tuesday, 05 May 2020 - 13:08 | Views - 809

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් තම නිවෙස්වලට යාමට නොහැකිව රැදී සිටින පුද්ගලයින් 1200 දෙනෙකු පමණ අද සිය නිවෙස් වෙත පිටත් කර යැවූ බව හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක පවසනවා.
රෝගී තත්වයන්ගෙන් පෙළෙන, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹට පැමිණි සහ ගර්භණි තත්තවයෙන් පසුවන කාන්තාවන්ට මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙලෙස ගම්බිම් බලා පිටත් කරන පුද්ගලයින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ මාර්ගයෙන් දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් කෙරෙනවා.
මෙලෙස මිරිහාන පොලිස් වසමේ සහ නුගේගොඩ කොට්ඨාශයේ රැදී සිටින පුද්ගලයින් සිය ගම්බිම් කරා පිටත්ව කර හැරුණේ ලංගම බස් රථ යොදා ගනිමින්.
මේ අතර, අද උදෑසන 6 අවසන් වු පැය 24 ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 558 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 139 ක්.
ඇදිරි නිතීය ක්‍රියාත්මක කළ කාල සිමාවේ එය උල්ලංඝණය කළ පුද්ගලයින් 46,842 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 12,152 ක් පොලිස් භාරයට ගැනුණා.
Share This Article