දෙවන නාවික සෙබලාත් සුවය ලබා පිටව යයි
Tuesday, 05 May 2020 - 13:04 | Views - 1,049
කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් 321 දෙනෙකු දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඊයේ දිනයේ හමුවූ ආසාදිතයින් 33 දෙනාගෙන් 31 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවයි. අනෙක් දෙදෙනා ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය බවද ඔහු සඳහන් කළා.

අද හමුවූ රෝගීන් හතර දෙනා සමඟ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 553ක්.

එමෙන්ම අයි.ඩී.එච් රෝහලේ කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සාමාජිකයෙකු ඊයේ පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගිය බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 194ක්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධීක්ෂණය යටතේ වැලිසර රෝහලේ 11 සහ 12 වාට්ටු වල නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයන් 46 දෙනෙකු අද එම නිරෝධායනය අවසන් කර මුදා හැර තිබෙනවා.

එමෙන්ම දැනට තාවකාලිකව වසා දමා තිබෙන රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යලි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊට අදාළව මාර්ගෝපදේශණයක් ද ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සදහන්.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබදව අවධානය යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මේ අතර එංගන්තයේ ලන්ඩන් නුවර සිර වී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද අලූයම කටුනායක ගුවන් තොටුපළින් නික්මුණා.

8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත යූ.එල්. 503 දරණ එම ගුවන් යානය අලූයම 12.51ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

එමෙන්ම, ලන්ඩනයේ සිට භාණ්ඩ තොගයක් රැගෙන ආ ගුවන් යානයක් අද අළුයම 3.5ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

අද අලූයම ලන්ඩන් බලා පිටත්ව ගිය යානය ශ්‍රී ලාංකික සිසුන් රැගෙන නැවතත් දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ හෙට උදෑසනයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top