ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Tuesday, 05 May 2020 - 11:32 | Views - 959
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන් 3,900 ක් වාර්තා වී ඇති අතර, මරණ 195 ක් ද වාර්තා වුණා.
එය ඉන්දියාවෙන් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාවයි.
ඒ අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 46,433 දක්වා ඉහළ යන අතර, මරණ සංඛ්‍යාව 1568 ඉක්මවනවා.
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 12,727 ක් සුවය ලබා ඇති අතර, එරට සුවය ලැබීමේ අනුපාතය සියයට 27.4 ක් වන බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.
Share This Article