ලන්ඩන් හි රැදී සිටින ශ්රී ලාංකික සිසුන් රැගෙන ඒමට තවත් විශේෂ ගුවන් යානයක්
Tuesday, 05 May 2020 - 11:19 | Views - 567
එංගන්තයේ ලන්ඩන් නුවර සිර වී සිටින තවත් ශ්රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද අලූයම කටුනායක ගුවන් තොටුපළින් නික්මුණා.
8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත යූ.එල්. 503 දරණ එම ගුවන් යානය අලූයම 12.51ට ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.
එමෙන්ම, ලන්ඩනයේ සිට භාණ්ඩ තොගයක් රැගෙන ආ ගුවන් යානයක් අද අළුයම 3.5ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
අද අලූයම ලන්ඩන් බලා පිටත්ව ගිය යානය ශ්රී ලාංකික සිසුන් රැගෙන නැවතත් දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ හෙට උදෑසනයි.
Share This Article