මැලේරියා වළක්වන ක්ෂුද්‍ර ජීවියෙක් සොයා ගැනේ
Tuesday, 05 May 2020 - 10:44 | Views - 652
මැලේරියා රෝගය ආසාදනය වීම මුළුමනින්ම වළක්වන ක්ෂුද්‍ර ජීවියෙකු විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.
බ්‍රිතාන්‍ය සහ කෙන්යානු විශේෂඥයන් කණ්ඩායමක් මෙම සොයා ගැනීම සිදුකර ඇති අතර ඔවුන් පවසන්නේ මෙමගින් මැලේරියා රෝගය ලොවින් තුරන් කිරීමට ඉමහත් හැකියාවක් ලැබෙනු ඇති බවයි.
මැලේරියා රෝගය පැතිරෙන්නේ එම පරපෝෂිතයා සිරුරට ඇතුළු වූ මදුරුවන් දෂ්ට කිරීමෙන්.
විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති නව ක්ෂුද්‍ර ජීවියා මැලේරියා පරපෝෂිතයා මදුරුවන්ට ඇතුළුවීම සියයට සියයක්ම වළක්වන බව සඳහන්.
කෙන්යාවේ වික්ටෝරියා විළ අසබඩ වන පෙදෙස්වල කෘමීන්ගේ සිරුරු තුළ මැලේරියා රෝගය වළක්වන ක්ෂුද්‍ර ජීවියා සිටින අතර විද්‍යාඥයන් එය හඳුන්වා ඇත්තේ මයික්රොස්පොරිඩියා ලෙසින්.
මැලේරියා රෝගයෙන් වසරකට ලොව පුරා හාරලක්ෂයකට අධික පිරිසක් මිය යන අතර, ඉන් බහුතරයක් වයස අවුරුදු 5ට අඩු ළමයින්.
Share This Article