විදේශයන් හි සිර වූ ඉන්දියානුවන් ගෙන්වීම 7 වන දා සිට
Tuesday, 05 May 2020 - 9:00 | Views - 637
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් විදේශයන් හි සිර වී සිටින ඉන්දියානුවන් නැවත සිය රටට ගෙන්වීමේ ක්‍රියාවලිය මැයි 7 වන දා සිට ආරම්භ කරන බව ඉන්දියාව ප්‍රකාශ කළා.

අදියර කිහිපයකින් ක්‍රියාත්මක කෙරෙන එම වැඩසටහන සඳහා ගුවන් යානා මෙන්ම නෞකා ද යොදා ගැනෙන අතර, ඒ සඳහා ගෙවීමක් ද අපේක්ෂා කරන බවයි ඉන්දීය රජය නිවේදනය කළේ.

කොරෝනා වෛරසය ආසාදනය නොවූ සහ එම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන්ට පමණක් මෙලෙස ඉන්දියාවට පැමිණීම සඳහා පහසුකම් සලසන අතර ඔවුන් පැමිණි පසු වෛද්‍ය පරීක්ෂණයකට සහ දින 14ක නිරෝධායනයකට ලක් කිරීමට නියමිතයි.

එමෙන්ම ඔවුන් සෞඛ්‍ය සහ සිවිල් ගුවන් සේවා අංශ මගින් නිකුත් කර ඇති රෙගුලාසි පිළිපැදිය යුතු බවයි ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top