විදේශයන් හි සිර වූ ඉන්දියානුවන් ගෙන්වීම 7 වන දා සිට
Tuesday, 05 May 2020 - 9:00 | Views - 638
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් විදේශයන් හි සිර වී සිටින ඉන්දියානුවන් නැවත සිය රටට ගෙන්වීමේ ක්‍රියාවලිය මැයි 7 වන දා සිට ආරම්භ කරන බව ඉන්දියාව ප්‍රකාශ කළා.
අදියර කිහිපයකින් ක්‍රියාත්මක කෙරෙන එම වැඩසටහන සඳහා ගුවන් යානා මෙන්ම නෞකා ද යොදා ගැනෙන අතර, ඒ සඳහා ගෙවීමක් ද අපේක්ෂා කරන බවයි ඉන්දීය රජය නිවේදනය කළේ.
කොරෝනා වෛරසය ආසාදනය නොවූ සහ එම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන්ට පමණක් මෙලෙස ඉන්දියාවට පැමිණීම සඳහා පහසුකම් සලසන අතර ඔවුන් පැමිණි පසු වෛද්‍ය පරීක්ෂණයකට සහ දින 14ක නිරෝධායනයකට ලක් කිරීමට නියමිතයි.
එමෙන්ම ඔවුන් සෞඛ්‍ය සහ සිවිල් ගුවන් සේවා අංශ මගින් නිකුත් කර ඇති රෙගුලාසි පිළිපැදිය යුතු බවයි ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
Share This Article