කොරෝනා අස්සේ දකුණු චීන මුහුදට, ඇමරිකාවේ සන්නද්ධ ගුවන්යානා යැව්වේ ඇයි ?
Tuesday, 05 May 2020 - 8:14 | Views - 829
ඇමරිකා එක්සත් ජනපදය සතු නවීනතම බෝම්බ ප්‍රහාරක යානා ගුවාම් දුපත් වෙත යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනය විසින් ලොවට කොරෝනා බෝකල බවට ඇමරිකා එක්සත් ජනපදය දිගින් දිගටම චීනයට එරෙහිව දැඩි චෝදනා නගද්දී අදාළ ප්‍රහාරක යානා චීනයට පහලින් කේන්ද්‍රගත කිරීම බොහෝ දෙනාගේ සැකයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
 
මෙම ගුවන් යානා වලට සුවිශාල ආයුධ රැසක් ප්‍රවාහනය කල හැකියි.
 
එසේම එම යානා වලට දිගු දුර මිසයිල එල්ල කිරීමේ හැකිය්වද සහිතයි.
 
ඇමරිකානු ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් මුලදී පැවැත්වෙන අතර ට්‍රම්ප් ගේ ජනප්‍රියතාව වර්ධනය කිරීමට චීන විරෝධී ප්‍රතිපත්ති බෙහෙවින් ඉවහල් වනවා.
 
මෙම යානා පසුගිය දින වල දකුණු චීන මුහුද හරහා පියාසර කර තිබෙනවා.
 
එසේම පසුගිය දිනවල ඇමරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව හා ජපානය සමග යුද අභ්‍යාස මෙම කලාපයේ පවත්වා ඇති බවද සඳහන්.
 
ඊට දකුණු කොරියාවේ හා ජපානයේ යුද ගුවන් යානා ද සහභාගී කරවා ගෙන තිබෙනවා.
 
මේ අතර ඇමරිකාව චීනයේ වුහාන් වයිරස් පර්යේෂණාගාරය පරීක්ෂා කිරීමට අවසර ඉල්ලා ඇතත් එය චීනය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
 
මේ අතර ප්‍රංශය ,ජර්මනිය, එක්සත් රාජධානිය,ඔස්ට්‍රේලියාව ආදී රටවල් රැසක් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් චීනයට එරෙහිව දැඩි ප්‍රකාශ නිකුත් කල අතර ඇතැම් රටවල් තම රටවල සිදුවූ විනාශයට චීනය වන්දි ගෙවිය යතු බවටද ප්‍රකාශ කර තිබෙනවා.
 
එම රටවල් සියල්ල ඇමරිකානු හිතවාදී රටවල්. කෙසේ වෙතත් මේ තත්වය යටතේ ඇමරිකාවේ මීළඟ ඉලක්කය කුමක්දැයි සැක මතුවී තිබෙනවා.

(උපුටා ගැනීම දිවයින පුවත්පත.)

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top