ඇමරිකාවේ ජනප්‍රිය පොප් ගායිකා මැඩෝනාට කොරෝනා ආසදනය වී ඇතැවි එරට සමාජ මාධ්‍ය තුළ යම් රාවයක් මතුව තිබෙනවා.
ඒ ඇය පසුගිය දිනෙක සිදුකළ බව කියන පරීක්ෂණයකින් අනතුරුවයි.
එහිදී කොරෝනා වෛරස් ප්‍රතිදේහ ඇති බව සනාත වූ බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේවෙතත් පසුගිය දිනෙක ඇය ඇතුළු 8 දෙනෙකු ඡායාරූප ශිල්පයෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන Steven Kleinsගේ උපන්දින සාදයකට සහභාගී වී ඇති අතර මේ සම්බන්දයෙන්ද සමාජ මාධ්‍ය තුළ විරෝධතාවක් මතුව තිබෙනවා.
ඒ ඇය සමාජ දුරස්ථභාවය ඇතුළ ජාත්‍යන්තර නිරෝධායන නීතී රීති කැඩූ බව පවසමින්.
අදාළ සාදයේ වීඩියෝවක්ද අන්තර්ජාලයට නිකුත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
මේ අතර ඇය ඉන්ස්ට්‍රගෑම් ගිණුමේ කොරෝනා ගැන පවසමින් පවසා ඇත්තේ කොවිඩ් 19 නිසා සැවොම එකම විදිහට විඳවන බවයි.
ඒ සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍යයේ විරෝධය දක්වමින් ඇතැමුන් පවසා ඇත්තේ ඇය සුපිරි ජීවිතයක් ගතකරමින් එලෙස පැවසීමට නොහැකි බවයි.

