පළාත් 06කට සහ දිස්ත්‍රික්ක 03කට අද පස්වරුවේ වැසි
Tuesday, 05 May 2020 - 7:44 | Views - 602
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව දැනුම් දෙනවා.
Share This Article