ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිත 08 වන මරණය වාර්තාවෙයි
Monday, 04 May 2020 - 20:38 | Views - 849
කොවිඩ් 19 ආසාදිතව මෙරට සිදුවූ 8 වැනි මරණය අද වාර්තා වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 72ක් වන කාන්තාවක්.
ඇය පොල්පිතිගම ප්රදේශයේ පදිංචිකාරිණියක් වන අතර, වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයෙකුගේ සමීපතමයෙක්.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ නිරෝධායන නීති රෙගුලාසි අනුව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබුවා.
Share This Article