කොරෝනා වෛරසයට අදාළව විදෙස් මූල්‍යාධාර ලැබී නොමැති බව අගමැති කියයි
Monday, 04 May 2020 - 18:18 | Views - 788
කොරෝනා වෛරසයට අදාළව මෙරටට මූල්‍ය වශයෙන් විදේශ ආධාර ලැබී නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, අරලියගහ මන්දිරයේදී අද පැවති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේදීයි.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි අතර ඔහු කියා සිටියේ ලෝක බැංකුව, ඇමරිකානු ඩොලර් මිලියන 127ක ආධාරයක් ලබාදීමට එකඟ වී ඊට අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති නමුත් මෙතෙක් එම මුදල් මෙරටට ලැබී නොමැති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කොරෝනා සම්බන්ධ වියදම් පියවා ගැනීම සඳහා එම මුදල් හිමි වන බවත්, මීට අමතරව විදේශ ආධාර ද්‍රව්‍යමය වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top