මෑත අතීතයේදි ලංකාවේ කලාකරුවන් පිරිසක් එක්ව නිර්මාණය වූ අලුත් ඉස්කෝලේ වීඩියෝව මෙන්න
Monday, 04 May 2020 - 16:47 | Views - 564
ලෝකයම වසංගතයකට ගොඳුරුවෙලා ඉන්න මොහොතක පසුගියදා යෙදී තිබූ මිහිකත දිනය ට අපූරු ගීතයක් එළිදැක්වුණා.
එම ගීතයේ නම අලුත් ඉස්කෝලේ මෙහි සංගීතය සංගීතය මහේෂ් දෙණිපිටිය ගෙන්. ගීතය ලියලා තියෙන්නේ ගේය පද රචක උපුල් ශාන්ත සන්නස්ගල විසිනුයි.
මෙම ගීතයට රංගන ශීල්පීන් ශිල්පිණියන් රැසකගේ හඬ මිශ්‍රණය කරලා තියෙනවා.
මෙම ගීතයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනී වැනී ප්‍රවීණයින් රැසක් මේ ගීතයට දායක වෙලා තිබීමයි. ගීතය අවසන් වන්නේ නන්දා මාලිනී ගේ හඬින් වීම තවත් විශේෂත්වයක්.
මෙම ගීතයේ ඉංගීසි කොටස මරියසෙල් ගුණතිලකගෙන් සහ දමිළ භාෂාවෙන් ගීතය ලියලා තියෙන්නේ මහින්ද කුමාර් විසින්.
මිනිසුන්ගේ පරිසර දුරස්ථභාවය තුළ මිහිකත මොනතරම් සැනසිල්ලක් විඳිනවා ඇතිද යන්න මෙම ගීතයෙන් අපූරුවට විදහා දක්වා තිබෙනවා.
අදාළ ගීතය පහතින් බලන්න
Share This Article