දඹුල්ල බස් නැවතුම්පළ පරිශ්රයේදී හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට
Monday, 04 May 2020 - 16:41 | Views - 5,980
දඹුල්ල බස් නැවතුම්පළ පරිශ්රයේ ඇති පොදු වැසිකිලිය ඉදිරිපිට එක්වරම ඇදවැටුණු හමුදා සෙබළෙක් ලෙස සේවය කරන අයෙකු මියගොස් ඇති පුවතක් වාර්තා වනවා.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල ප්රදේශයේ පදිංචි අයෙකු බවටයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් එහි සිටි ඇතැමුන් චෝදනා කරන්නේ සෙබලා ඇදවැටී මිනිත්තු 30 කාලයක් කිසිවෙකු හෝ ඔහු රෝහල්ගතකිරීමට ඉදිරිපත් නොවූ බවටයි.
අනතුරුව තරුණ තරුණියන් පිරිසක් එක්ව ත්රිරෝද රථයක නංවාගත් සෙබලා දඹුල්ල රෝහලට ඇතුලත් කරනවිටත් මියගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.
සෙබලා මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර දඹුල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන්නේ.
Share This Article