කොරෝනා වෛරසයෙන් ඇමරිකානුවන් ලක්ෂයක් මිය යා හැකි බව කී ඩොනල් ට්‍රම්ප්
Monday, 04 May 2020 - 16:22 | Views - 1,135
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් ඇමරිකානුවන් 75,000 සිට ලක්ෂය දක්වා පිරිසක් මිය යා හැකි බව ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් යළි ප්‍රකාශ කළා.
මේ සතිය මුලදී ඔහු කියා සිටියේ ගෝලීය වසංගතයෙන් ඇමරිකානුවන් 60,000ත්, 70,000ත් අතර සංඛ්‍යාවක් මිය යා හැකි බවයි.
කෙසේ නමුත්, රට දිගටම වසා තැබීමෙන් රටක් ඉතිරි විය නොහැකි බව පැවසූ ජනපති ට්‍රම්ප් ඇමරිකානුවන්ට දීප්තිමත් අනාගතයක් උදා වනු ඇතැයි අපේක්ෂා පළ කළා.
ට්‍රම්ප් හිතවාදී ෆොක්ස් නිව්ස් නාලිකාව ඔස්සේ ඔහු මෙලෙස ඊයේ පැය දෙකක් අදහස් දැක්වූයේ සිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය යළි ආරම්භ කරමින්.
එහිදී නැවතත් වෛරසයේ මූලාරම්භය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය දැඩි දෝෂදර්ශනයට ලක් කළ ජනපති ට්‍රම්ප් මේ වසර අවසන් වන විට කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි එන්නතක් නිපදවීමට හැකි වනු ඇතැයි කියා සිටියා.
Share This Article