කොරෝනා වෛරසයෙන් ඇමරිකානුවන් ලක්ෂයක් මිය යා හැකි බව කී ඩොනල් ට්‍රම්ප්
Monday, 04 May 2020 - 16:22 | Views - 1,136
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් ඇමරිකානුවන් 75,000 සිට ලක්ෂය දක්වා පිරිසක් මිය යා හැකි බව ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් යළි ප්‍රකාශ කළා.

මේ සතිය මුලදී ඔහු කියා සිටියේ ගෝලීය වසංගතයෙන් ඇමරිකානුවන් 60,000ත්, 70,000ත් අතර සංඛ්‍යාවක් මිය යා හැකි බවයි.

කෙසේ නමුත්, රට දිගටම වසා තැබීමෙන් රටක් ඉතිරි විය නොහැකි බව පැවසූ ජනපති ට්‍රම්ප් ඇමරිකානුවන්ට දීප්තිමත් අනාගතයක් උදා වනු ඇතැයි අපේක්ෂා පළ කළා.

ට්‍රම්ප් හිතවාදී ෆොක්ස් නිව්ස් නාලිකාව ඔස්සේ ඔහු මෙලෙස ඊයේ පැය දෙකක් අදහස් දැක්වූයේ සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය යළි ආරම්භ කරමින්.

එහිදී නැවතත් වෛරසයේ මූලාරම්භය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය දැඩි දෝෂදර්ශනයට ලක් කළ ජනපති ට්‍රම්ප් මේ වසර අවසන් වන විට කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි එන්නතක් නිපදවීමට හැකි වනු ඇතැයි කියා සිටියා.  

 
   
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top