මීටරයක දුර පවත්වා ගනිමින් කර්මාන්තශාලාවක සේවක පිරිසක් විරෝධතාවක
Monday, 04 May 2020 - 16:19 | Views - 868
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුගත වෙමින් මීටරයක දුර තබා ගනිමින් විරෝධතාවයක් පැවැත්වීමේ පුවතක් දුම්මලසූරිය - වතුගහමුල්ල ප්‍රදේශයෙන් අද වාර්තා වුණා.

පෞද්ගලික කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් අද මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ පසුගිය මාසය සඳහා තමන්ට හිමි වැටුප නොලැබීම හේතුවෙන්.

හිරු වාර්තාකරු සඳහන් කළේ අදාළ විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පොලිස් නිලධාරීන් සහ කර්මාන්තශාලාවේ බලධාරීන් පැමිණ විසදුම් ලබාදීමට ගත් පොරොන්දුවක් මත ඔවුන් විරෝධතාව අවසන් කළ බවයි.

මේ අතර, අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ රථ වාහන 36ක් ද එම කාලය තුළ පොලිස් භාරයට ගත් බවයි.

 ඒ අනුව ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 46,397 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව රථ වාහන ද 12,000කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top