විද්‍යානුකූලව විෂබීජහරණය කරමු
Monday, 04 May 2020 - 16:09 | Views - 745
විෂබීජ හරණය කුටි භාවිතය හෝ මොනයම් ආකාරයකින් මිනිසුන් මතට හෝ අවට පරිසරය මතට විෂබීජ නාශක දියර ඉසීම කිසි විටෙකත් අනුමත කළ නොහැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.  

ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම රෝගය පැතිරීම වැළැක්වීමට කළ යුත්තේ පුද්ගලයින් බහුලව පරිහරණය කරන පෘෂ්ඨයන් සහ මතුපිටවල් විසබීජහරණය කිරීම, බව එම කාර්යාංශයේ ෆේස් බුක් පිටුවේ සඳහන්.

එම සටහන මෙසේයි

"පුද්ගලික ස්වස්ථතාවය පිළිබඳව බොහෝ හොඳ දේවල් සමාජ ගත කෙරුණු මේ අවස්ථාවේදී, සීමාව ඉක්මවා කිරිමට ගොස් මිනිසාටත්, පරිසරයටත් හානිදායක දේවල් සිදු නොකිරීමට අප විසින් වගබලා ගත යුතුය.

අධික ලෙස මුළුමහත් පරිසරයම විෂබීජහරණය කිරීමක් මෙහිදී අවශ්‍ය නොවන අතර රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් ස්වභාවික පරිසරයට නිකුත් කිරීම මගින් රෝග නිවාරණයට ලැබෙන රුකුල ට වඩා පරිසරයටත්, මිනිසාටත්, අවට ජීවත්වන සතුන්ටත් වන හානිය අතිමහත්ය.

විෂබීජ හරණය කුටි භාවිතය හෝ මොනයම් ආකාරයකින් මිනිසුන් මතට හෝ අවට පරිසරය මතට විෂබීජ නාශක දියර ඉසීම කිසි විටෙකත් අනුමත කළ නොහැක. එමඟින් ශරීරය තුළ පවතින විසබීජ ඉවත් වීමක් හෝ රෝග සුව වීමක් සිදු නොවන අතර, මෙමගින් පුද්ගලයෙකුගේ පෙනහළු වලට හානි සිදුවිය හැකි බවත්, එමගින් රෝගය උත්සන්න වීම සිදු විය හැකි බව සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇත.

ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම රෝගය පැතිරීම වැළැක්වීමට කළ යුත්තේ පුද්ගලයින් බහුලව පරිහරණය කරන පෘෂ්ඨයන් සහ මතුපිටවල් විසබීජහරණය කිරීමයි. විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් පමණක් මෙය නියමාකාරව සිදු නොවන අතර මේ සඳහා මෙම පෘෂ්ඨයන් විෂබීජ නාශක දියර මගින් පිස දැමීම කළ යුතු බව දැනුම් දී ඇත.

රෝගයෙන් ආරක්ෂා වීම සඳහා වඩාත් වැදගත් වනුයේ තමාගේ දෑත් පිරිසිදුව තබා ගැනීම, නාසය ඇස් සහ මුඛය වරින්වර ඇල්ලීමෙන් වැළකී සිටීම, උණ සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ ඇත් නම් නිවස තුළම සිට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය අංශ මගින් ලබාගැනීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමයි. "

Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 329 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,419 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top