කොරෝනා වෛරසය ආසාදනය වී සුවවූ පළමු නාවික සෙබලා රෝහලෙන් පිටව යයි
Monday, 04 May 2020 - 15:03 | Views - 914
කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබූ ප්‍රථම නාවික හමුදා සෙබලා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ පසුගිය අප්‍රේල් මස 25 වනදා ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීම හේතුවෙන් අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කළ බවයි.
කෙසේ වෙතත්, ඔහු රෝහලෙන් පිටව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14 ක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබෙනවා.
Share This Article