පොකුණා මියගියේ වෙඩි වැදීමකින් බවට හෙළි වෙයි
Monday, 04 May 2020 - 14:34 | Views - 709
උඩවලව වනෝද්‍යානයේ කෙම්තුනේගල ප්‍රදේශයේදී පොකුණා නැමති වන අලියා මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

දකුණු පළාත් වනජීවී සහකාර අධ්‍යක්‍ෂ චන්න සුරවීර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පෙරේදා එම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බවයි.

පසුගිය මස 30 වනදා රාත්‍රියේ අවුරුදු 10ක් වයසැති මෙම අලියාට වෙඩි වැදී තිබුණා.

වනෝද්‍යානය තුළ මියගොස් සිටි මෙම වන අලියා පළමුවෙන්ම වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පසුගිය සිකුරාදායි.

ඒ අනුව ඒ අවට විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළත් සිද්ධියට සම්බන්ධ සැකකටයුතු කිසිවක් සොයාගැනීමට හැකිව තිබුණේ නැහැ.

ඉන් අනතුරුවයි පෙරේදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ.

පොකුණා, 2013 වසරේ සිය මවගෙන් මගහැරී උඩවලව වනෝද්‍යානය තුළ සිටියදී ඇත් අතුරු සෙවණේ ඇතිදැඩි කිරීමෙන් අනතුරුව යළි වනයට මුදාහැරියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top