පොකුණා මියගියේ වෙඩි වැදීමකින් බවට හෙළි වෙයි
Monday, 04 May 2020 - 14:34 | Views - 710
උඩවලව වනෝද්‍යානයේ කෙම්තුනේගල ප්‍රදේශයේදී පොකුණා නැමති වන අලියා මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.
දකුණු පළාත් වනජීවී සහකාර අධ්යක්ෂ චන්න සුරවීර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ පෙරේදා එම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බවයි.
පසුගිය මස 30 වනදා රාත්‍රියේ අවුරුදු 10ක් වයසැති මෙම අලියාට වෙඩි වැදී තිබුණා.
වනෝද්‍යානය තුළ මියගොස් සිටි මෙම වන අලියා පළමුවෙන්ම වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ පසුගිය සිකුරාදායි.
ඒ අනුව ඒ අවට විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළත් සිද්ධියට සම්බන්ධ සැකකටයුතු කිසිවක් සොයාගැනීමට හැකිව තිබුණේ නැහැ.
ඉන් අනතුරුවයි පෙරේදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ.
පොකුණා, 2013 වසරේ සිය මවගෙන් මගහැරී උඩවලව වනෝද්‍යානය තුළ සිටියදී ඇත් අතුරු සෙවණේ ඇතිදැඩි කිරීමෙන් අනතුරුව යළි වනයට මුදාහැරියා.
Share This Article