අකුරැස්ස සභාපති ඇතුලු පස්දෙනා පොලිස් ඇප මත මුදාහැරේ
Monday, 04 May 2020 - 13:57 | Views - 562
ඇඳිරි නීති බලපත්රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්රී පාදස්ථානය දක්වා යාමට පැමිණීමේදී අත්අඩංගුවට ගත් අකුරැස්ස ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 5 දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
සැකකරුවන්ට ලබන මස 6 වනදා හැටන් මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි පොලිසිය දැනුම් දී ඇත්තේ.
මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී ඊයේ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැරියද මොවුන් පැමිණි ලොරි රථය තවදුරටත් පොලිස් භාරයේ පවතිනවා.
Share This Article