චීනයට යළි අනතුරු ඇඟවීමක්
Monday, 04 May 2020 - 13:36 | Views - 2,254
කොරෝනා වෛරසය බිහිවූ චීනයේ මේ වනවිට එය පාලනය වී ඇතත් යළි වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවට එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු අනතුරු අඟවා තිබෙනවා.

ගතවූ සති දෙකක කාලය තුළ වෛරසය දේශීයව ව්‍යාප්තවීමේ සිද්ධීන් වාර්තාවී ඇති බවයි ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මී ෆෙන්ග් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ කොරෝනා බවට තහවුරු වූ රෝගීන් තුන්දෙනෙකු පමණක් ඉරිදා දිනය වනවිට වාර්තාවී ඇති බවයි.

ඔවුන්ද විදේශයන් හි සිට චීනයට පැමිණි අය වනවා.

ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මී ෆෙන්ග් පෙන්වා දෙන්නේ මේ වනවිට පළාත් 10ක දේශීයව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ නව සිද්ධීන් ගතවූ දින 14 ක කාලය තුළ වාර්තාවී ඇති බවයි.

චීනයෙන් ආසාදිතයන් 82,880 දෙනෙකු වාර්තාවී ඇති අතර, මරණ වාර්තාවී ඇත්තේ 4,633 ක් පමණයි.

එමෙන්ම ගතවූ පැය 24 ක කාලය තුළ නව ආසාදිතයන් තුන්දෙනෙකු වාර්තාවී තිබුණද චීනයෙන් මරණ කිසිවක් වාර්තාවී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර කැනඩාවේ කොරෝනා මරණවල වැඩිවීමක් පෙන්නුම් කරන බව එරට වාර්තා සඳහන් කළා.

ගතවූ සති දෙකක කාලය තුළ මරණ සංඛ්‍යාව සියයට 10 කින් ඉහළ ගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. මේ වනවිට එරට කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,682ක් ලෙසයි.

එමෙන්ම 59,474 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.

කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ප්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය ලබන ජූලි 24 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

දැනට පනවා ඇති සීමාවන් අර්ධ වශයෙන් ඉවත් කිරීමෙන් පසුව වුවද කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ලබාදී ඇති උපදෙස් දැඩිව ක්‍රියාත්මක බවයි ප්‍රංශ රජය ප්‍රකාශ කර ඇත්තේ.

ප්‍රංශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 68,693ක් වාර්තාවී ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 24,895ක් ලෙසයි.

කොරෝනා වෛරසය හමුවේ ජපානයද එරට තුළ පනවා තිබූ හදිසි තත්ත්වය මේ මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාවද කොරෝනා ව්‍යාප්තිය හමුවේ එරට වසා දැමීම් අද සිට තවත් සති දෙකකින් දීර්ඝ කළා.

ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 42,505 දෙනෙකු වාර්තාවී ඇති අතර, මරණ 1,391ක් ලෙසයි දැක්වෙන්නේ.

කොරෝනා වෛරසයෙන් යුරෝපයේ දැඩි බලපෑමකට ලක්ව තිබූ ඉතාලියේ සති 9 කට පසු අද පළමුවරට එරට වැසියන්ට තම ඥාතීන් බැලීමට නිදහස හිමිව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එරට පිරිමි පුද්ගලයන්ගේ සියයට 72ක පිරිසක් එනම් මිලියන හතරක ජනතාවක් අද සිට යළි තම වැඩබිම් වෙත පැමිණෙනු ඇති බවයි.

එමෙන්ම අවන්හල් ද ආහාර රැගෙන යාම සඳහා පමණක් යළි විවෘත කෙරෙන බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් තැබෑරුම් සහ අයිස්ක්‍රීම් වෙළඳසැල් තවදුරටත් වසා තැබෙන අතර, පොදු ප්‍රවාහනයේදී සියලුදෙනාට මුඛ ආවරණ පළඳින ලෙසයි එරට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ.

ඉතාලිය එවැනි පියවරක් ගෙන ඇත්තේ එරටින් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ 10,717ක් සහ මරණ 28,884ක් වාර්තාවන පසුබිමකයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 35 ලක්ෂ 66,804ක් වාර්තාවී ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දෙලක්ෂ 48,304ක් ලෙසයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top