මත්කුඩු වලට ඇබ්බැහිවූවන්ට හඳුන්වා දුන් අංකයට ඇමතුම් 14,000ක්
Monday, 04 May 2020 - 13:27 | Views - 1,424

මත්කුඩු ඇබ්බැහිවූවන්ට උපකාර කිරීම සඳහා හඳුන්වා දී ඇති දුරකථන අංකයට මේ දක්වා ඇමතුම් 14,000ක් පමණ ලැබී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
මේ අතර, කොරෝනා වසංගතය පැතිරයාමත් සමඟ ඇඳිරිනීතිය පැනවීමෙන් පසු රට තුළ මත්කුඩු හිඟයක් මතුව ඇති අතර, මේ හේතුවෙන් හෙරොයින් ග්‍රෑමයක මිල රුපියල් 7000 සිට 10,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, මේ වනවිට මත්කුඩු ව්‍යාපාරයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.
ඒ අනුව දකුණු පළාතේ මත්කුඩු බෙදා හැරීම් කටයුතුවල නිරතවූ කණ්ඩායම් දෙකක සාමාජිකයින් පසුගියදා අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ, මත්කුඩුවලට අමතරව, මත්පෙති අලෙවිවීම ද ශීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි.
ඇඳිරිනීතිය පැනවීමත් සමඟ ආරක්ෂක අමාත්‍යාංශය විසින් 0710 301 301 යන දුරකථන අංකය හඳුන්වා දෙනු ලැබුවේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ට සහ ඔවුන්ගෙන් පවුල්වල සාමාජිකයින්ට උපකාර කිරීම සඳහායි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර ප්‍රකාශ කළේ එමඟින් උපදේශන සේවාවන්ද සැපයෙන බවයි.
Share This Article