කොරෝනා උපන් චීනය, වවුලන් යොදාගෙන රහසින්ම සිදුකරන පරීක්ෂණවල ඡායාරූප කිහිපයක්, ලෝකයම කළඹමින් එළියට
Monday, 04 May 2020 - 13:12 | Views - 1,122
කොවිඩ් 19 වෛරසය හටගත් බවට විශ්වාස කෙරෙන වූහාන්හි ජෛව රසායනාගාරයේ විද්‍යාඥයින් පිරිසක් වවුලන් ආශ්‍රිතව පර්යේෂණ සිදුකරන අයුරු දැක්වෙන ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළා.

වෛරසයේ උපත සිදුවූ චීනයෙන් මේවන විට කිසිදු මරණයක් වාර්තා නොවන අතර, එරට සංචාරක මර්මස්ථානයක් වන ෂැංහායි නගරයට ගතවූ දින කිහිපය තුළ සංචාරකයින් මිලියනයකට අධික පිරිසක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
කොවිඩ් 19 වෛරසය චිනයේ වූහාන්හි ජෛව රසායනාගාරයේ අවම සෞඛ්‍ය ක්‍රම වේදයන් හේතුවෙන් සමාජයට නිරාවරණය වූ බවට ඇමරිකාව අවස්ථාවන් රැසකදී චෝදනා එල්ල කළා.
 
මෙවන් වාතාවරණයක් තුළයි වූහාන්හි ජෛව රසායනාගාරයේ විද්‍යාඥයින් පිරිසක් වවුලන් ආශ්‍රිත පර්යේෂණ සිදුකරන අයුරු දැක්වෙන ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් ඊයේ දිනයේ බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත වාර්තාකර තිබුණේ.
 
කෙසේ වෙතත් වුහාන් ආයතනයේ වෙබ් අඩවියක් මඟින් පළ කර තිබුණූ මෙම ඡායාරූප පසුගිය මාසයේදී හදිසියේම මකා දමා ඇති බවයි "ද සන්" පුවත් අඩවිය වාර්තා කරන්නේ.
 
මෙහි විශේෂත්වය වන්නේ මුහුණු ආවරණ හෝ ආරක්ෂිත ඇඳුම් කට්ටල හෝ නොමැතිව ඡායාරූපයේ සිටින පිරිස් පර්යේෂණවල නියැලීමයි.
 
එක්සත් රාජධානියත්, ඇමරිකා එක්සත් ජනපදයත් ඔවුන්ගේ සම්පූර්ණ අවධානය මේ ආන්දෝලනාත්මක ඡායාරූප කෙරෙහි යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
 
කොරෝනා වෛරසය චීනයේ නිමවුමක් බවට විවිධ රටවලින් චෝදනා එල්ල වූ අතර ඇමරිකානු ජනාධිපතිවරයා තවමත් එම චෝදනා බැහැර කර නැහැ.
 
පසුගිය කාලය තුළ, වුහාන්හි වෛරස් 1500ක් අඩංගු "වෛරස් බැංකුව" පරීක්ෂා කිරීම සඳහා ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් සුදානම් වුවත් චීනය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
 
එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ චීනය තමන් කොරෝනා සම්බන්ධයෙන් කරන පර්යේෂණ රහසිතගව පවත්වන්නට ද තීරණයකට එළඹ තිබුණා.







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top