කොරෝනා වැළඳුණු නාවිකයන් 293ක් - වෛරසයේ පාලනය ගැන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සහතිකයක්
Monday, 04 May 2020 - 13:03 | Views - 1,508
කොරෝනා වෛරසය නාවික හමුදා සාමාජිකයන් 293 දෙනෙකුට වැලදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

හිරු ටී වී ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු කියා සිටියේ ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 13 දෙනාගෙන් 11 දෙනෙකුම වැලිසර නාවික හමුදා සාමාජිකයන් බවයි.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයන් 718 දෙනෙකු වාර්තා වන අතර තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 527ක්.

එමෙන්ම වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 184 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය මෙරට තුල පැතිරයාම පාලනය කිරීමක් සිදුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියා.

එමෙන්ම වෙළඳපොලේ පවතින ගුණාත්මක බවින් සහ ප්‍රමිතියෙන් තොර විෂබීජනාශක දියර සහ මුඛ ආවරණ සොයා අද සිට වැටලීම් ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කළේ නිසි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනවලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවයි.

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දැක්වීම සඳහා ඕස්ට්‍රෙලියා රජය ඕස්ට්‍රෙලියානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top