ප්‍රංශය තවත් මාස දෙකකට හදිසි සෞඛ්‍ය තත්ත්වය දිගු කරයි
Monday, 04 May 2020 - 12:35 | Views - 953
කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ප්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය ලබන ජූලි 24 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
දැනට පනවා ඇති සීමාවන් අර්ධ වශයෙන් ඉවත් කිරීමෙන් පසුව වුවද කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ලබාදී ඇති උපදෙස් දැඩිව ක්‍රියාත්මක බවයි ප්‍රංශ රජය ප්‍රකාශ කර ඇත්තේ.
ප්‍රංශයට යම්කිසි පුද්ගලයෙකු විදේශයක සිට හෝ පැමිණෙන්නේ නම් සති දෙකක නිරෝධායන කාලයකට යටත්වීමට සිදුවනු ඇති.
ප්‍රංශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 68,693ක් වාර්තාවී ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 24,895ක් ලෙසයි.
Share This Article