කොවිඩ් මර්දනයට, මෙතෙක් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ජනතාවට යුද හමුදාපතිගේ ආචාරය
Monday, 04 May 2020 - 11:07 | Views - 871
ලබන 11 වනදායින් පසු රට යළි විවෘත කිරීමෙන් අනතුරුව ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වා සිටියා.
ඒ, හිරු ටී.වී ඔස්සේ අද (04) උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.
සෑම ආයතනයක්ම පිළිපැදිය යුතු සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුවත් කිරීම් සිදුකර ඇති බවද ඔහු එහිදී ප්‍රකාශකර සිටියා.
හමුදාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ කොවිඩ් 19 මර්දන කටයුතු වලදී ජනතාව මෙතෙක් ක්‍රියාකළ ආකාරය සම්බන්ධනයෙන් ජනතාව වෙත තම ආචාරය පුදකරන බවයි.
Share This Article