ආබාධිත රණවිරුවන්ට ලබාදීමට රැගෙන යමින් තිබූ නරක් වූ මාළු තොගයක් කඹුරුපිටියේදී අල්ලයි
Monday, 04 May 2020 - 10:36 | Views - 1,302
පරිභෝජනයට නොසුදුසු මාළු කිලෝග්‍රෑම් දෙසීයකට අධික ප්‍රමාණයක් සොයාගැනීමට කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් පසුගියදා සමත් වුණා.
කඹුරුපිටිය රණවිරු අභිමන්සලේ සිටින ආබාධිත සෙබළුන්ගේ පරිභෝජය සඳහා ලබාදීමට මෙම මාළු රැගෙන යමින් තිබූ බවයි වාර්තා වන්නේ.
ලද තොරතුරක් මත කඹුරුපිටිය ප්‍රදේශයේදි මාළු තොගය රැගෙන යමින් තිබූ ලොරි රථය පරික්ෂා කිරිමේදී නරක් වූ මෙම මාළු තොගය සොයාගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
රුපියල් හතලිස් පන්දහසක් පමණ වටිනා, පරිභෝජනයට නුසුදුසු මෙම මාළු තොගය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ ද සහයෙන් විනාශ කිරිමට පියවර ගත්තා.
මෙම මාළු රැගෙන ආ පුද්ගලයින්ට තරයේ අවවාද කර මුදාහැරීම කටයුතුකර තිබෙනවා.
Share This Article