පාස්කු ප්‍රහාරයට ඇල්ලූ සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට පියවර
Monday, 04 May 2020 - 10:17 | Views - 406
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩිදුර විමර්ශණවලට අදාලව අත්අඩංගුවට ගැණුනු සැකකරු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු මුන්දලම - මදුරන්කුලිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම පුහුණු මධ්‍යස්ථානයේ තිබී පොත්පත් සහ ලිපි ලේඛන ගණනාවක් ද සොයාගෙන ඇති බවයි.
මොහු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ගෙන්වා, එම පුහුණු මධ්‍යස්ථානයේදී තරුණයන් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම සහ අවි පුහුණුව ලබාදී ඇති බවට ඊයේ හෙළි වුණා.
Share This Article