අගමැති සහ හිටපු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව අද
Monday, 04 May 2020 - 9:04 | Views - 567
රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් 225 දෙනාටම සාකච්ජාවක් සඳහා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.

එහෙත් එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව දැනටමත් දැනුම්දී අවසන්.

කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේ අද පැවැත්වෙන සාකච්ඡාවට ඔවුන් සහභාගිවන බවයි.

එම සන්ධානය තුළ සිටින ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාරාජා මෙන්ම ෆ්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මේ සනාථ කළා.

මේ අතර මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගත් දිනවල නීත්‍යානුකූල භාවයේ කිසිදු ගැටළුවක් නොමැති බැවින් නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top