අගමැති සහ හිටපු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව අද
Monday, 04 May 2020 - 9:04 | Views - 568
රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් 225 දෙනාටම සාකච්ජාවක් සඳහා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.
එහෙත් එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව දැනටමත් දැනුම්දී අවසන්.
කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේ අද පැවැත්වෙන සාකච්ඡාවට ඔවුන් සහභාගිවන බවයි.
එම සන්ධානය තුළ සිටින ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාරාජා මෙන්ම ෆ්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මේ සනාථ කළා.
මේ අතර මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගත් දිනවල නීත්‍යානුකූල භාවයේ කිසිදු ගැටළුවක් නොමැති බැවින් නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article