කොරෝනා ටෙස්ට් තරඟයක භයානක කඩුල්ලක් වගේ
Monday, 04 May 2020 - 8:51 | Views - 587

උද්ගතවී තිබෙන කොරෝනා වෛරසය ටෙස්ට් ක‍්‍රිකට් තරගයකද අභියෝගාත්මක තණතීරුවක පන්දුවට පහරදීමට සිදුවන මෙන් බැ?රුම් කර්තව්‍යයක් බව ඉන්දියානු ක‍්‍රිකට් සභාපති සව්රව් ගංගුලි පවසයි. මේ වන විට අදාළ වසංගතය හේතුවෙන් ලොව පුරා ලක්ෂ 2.40 ක් ජීවිතක්ෂයට පපත්ව ඇති අතර තවත් ලක්ෂ 40 කට ආසන්න සංඛ්‍යාවකට රෝගය වැළඳී තිබේ.
‘‘මෙම තත්ත්වය ඉතාම භයානකයි. ඒක හරියට ටෙස්ට් තරගයක අසීරු කඩුල්ලක් මෙනි. පන්දුවේ මැහුම් දාරය කැරකැවෙමින් පවතින විට පිතිකරුවාට ඇත්තේ සුළු දෝෂයක්නම් ඔහු දැවී යයි.’’ යනුවෙන් මාධ්‍ය වැඩසටහනකදී ගංගුලි පවසසයි.
‘‘මෙය ඉතා අසීරුයි. නමුත්අපි මෙම තරගය එක්ව ජය ගැනීමට බලාපොරොත්තු වෙමු. වර්තමාන තත්ත්වය දැකීමෙන් මම ඇත්තටම කලබල වී සිටිමි. මේ වසංගතය නවතා ගන්නේ කෙසේද යන්න අපි සියලූ දෙනා තවමත් අරගල කරමින් සිටින්නෙමු.’’ යැයි ගංගුලි වැඩිදුරටත් සඳහන් කරයි.
සිය ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්වලට මුහුණ දිය යුතු ආකාරය තමාට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදි උගන්වා ඇති බව පවසන සව්රව් ගංගුලි අධි පීඩනයේදී ධනාත්මකව මුහුණ දිය යුතු බවත් ගෙදරට කෑම ආදියා රැුගෙන එන මිනිසුන් ගැනත් බියක් දැනෙනවා යනුවෙන් සඳහන් කර තිබේ.
Share This Article