කොරෝනාවට එරෙහි එන්නතක් ගැන ට්‍රම්ප් දැඩි විශ්වාසයෙන්
Monday, 04 May 2020 - 8:33 | Views - 892
කොරෝනා වෛරසයට මේ වසර අවසානය වනවිට එන්නතක් ලබාදිය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ පිළිබඳ තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවයි වොෂින්ටන් හිදී ෆොක්ස් නිව්ස් සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එමෙන්ම සැප්තැම්බර් මාසයේදී යළි පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසටද ට්‍රම්ප් ඉල්ලීමක් කර තිබුණා.

ලොව වැඩිම බලපෑමක් එල්ලවූ ඇමරිකාවේ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 26,668 දෙනෙකු සහ මරණ 1,128 වාර්තාවුණා.

ඒ අනුව එරට ආසාදිතයන් සංඛ්‍යාව එකොළොස් ලක්ෂ 87,442 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ 68,572 ක් ලෙසයි.

මේ අතර අඩු ආදායම්ලාභීන්ට ආහාර ආධාර ලබාදීම සඳහා වන වැඩසටහනකට සමගාමීව ලොව උසම කුළුණ වන ඩුබායි නගරයේ පිහිටි බර්ජ් කලීෆා ආලෝකමත් කිරීමට නියමිතයි.

ජනතාවගේ පරිත්‍යාග අනුව කුළුණේ සවි කර ඇති එල්.ඊ.ඩී. බල්බ මිලියන 1.2 ක ආලෝකමත් කිරීමට සැළසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙලෙස ලැබෙන පරිත්‍යාග කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල්වලට ආහාර වේල් මිලියන 10 ක් සම්පූර්ණ කිරීමට සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම නව ආසාදිතයන් 10,633 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව රුසියාවෙන් ඊයේ වාර්තා වී තිබුණා.

ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ එක්ලක්ෂ 34,687ක් ලෙසයි.

කෙසේ වෙතත්, සෙසු රටවල මරණ සහ රෝගීන් වාර්තාවීම සාපේක්ෂව අඩු මට්ටමක පවතින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මරණ දෙලක්ෂ 48,105 ක් වාර්තාවන අතර, ආසාදිතයන් සංඛ්‍යාව තිස්පන් ලක්ෂ 62,691 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වා ර්තා සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top