ඇමරිකාවේ වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 70ක්, හිත්පිත් නැති කොරෝනා බිලි ගත් හැටි
Monday, 04 May 2020 - 8:06 | Views - 821
කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අමෙරිකාවේ මැසචුසෙට්ස්හි වැඩිහිටි නිවාසයක සිටි වැඩිහිටියන් 70ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට ඉතිහාසයේ වැඩිහිටි නිවාසයක මෙතෙක් සිදු වූ දරුණුතම ඛේදවාචකය මෙය යැයි වාර්තා වනවා.
මෙහි සිටින හෙදියක පවසා ඇති පරිදි සේවක හිඟය නිසා මෙහි සිටින සේවකයින් එක් අංශයක සිට අනිත් අංශයට ගමන් කිරීම් වැඩි වශයෙන් සිදු කිරීම නිසා මේ අනතුරුදායක තත්ත්වය උදා වී ඇති බවයි.
විශ්‍රාමික හමුදා සාමාජිකයින් වෙනුවෙන් රජයෙන් පාලනය වන මෙහි සිටි අයට නිසි වෛද්‍ය පහසුකම් ලැබී ඇත්දැයි පරීක්ෂණ සිදු කරගෙන යනවා.
Share This Article