පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙයි
Monday, 04 May 2020 - 7:59 | Views - 2,961

මැයි මස 11 වන දා සිට රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීමට අදාළව සහ ඊට අදාළ මාර්ගෝපදේශන ඒ ඒ ආයතන සහ පුද්ගලයින් වෙත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමු කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අදාළ මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවයි.
පවතින ගෝලීය වසංගත අවදානම සහ රට මුහුණ දී ඇති තත්ත්වය සැලකූ විට යළි පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇත්තේ.
මීට පෙර මැයි මස 11 වන දින පාසල් යළි විවෘත කිරීමට දින නියම වී තිබුණා.
කෙසේ වෙතත්, පාසල් යළි විවෘත කරන දිනය පිළිබදව තීරණය කරනු ලබන්නේ වසංගත ව්‍යාප්ති ස්වභාවය සහ පාසල් තුළ අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක කටයුතු පවත්වා ගැනීමට අදාළ යටිතල පහසුකම්වල ප්‍රමාණවත් බව අධ්‍යයනය කිරීමෙන් පමණක් බවයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ පාසල් පරිශ්‍රවල කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සහ පාලනය සඳහා අවශ්‍ය සියළු සනීපාරක්ෂක පහසුකම් සහ ඊට අදාළ යටිතල පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට සියළුම රජයේ සහ පෞද්ගලික පාසල් බලධාරීන් වෙත උපදෙස් ලබාදෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
යම් පාසලක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදාගෙන තිබුණේ නම් එම පාසල විෂබීජහරණය කර අවම වශයෙන් දින 3ක්වත් සම්පූර්ණයෙන් වසා තැබිය යුතුයි.
එමෙන්ම, යළි පාසල් විවෘත කිරීමට පෙර දරුවන්ට මුහුණපෑමට සිදුවන ගැටළු සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබදව පාසල් දරුවන් සහ දෙමව්පියන් සමග සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ අදාළ අතුරු මාර්ගෝපදේශයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම, ජාතික මට්ටමේ නිර්දේශ මත පදනම්ව පළාත් මට්ටමින් පාසල් යළි විවෘත කිරීම පිළිබද අවසන් තීරණය ගැනීම සඳහා පළාත් කමිටුවක් වෙත බලය පවරා තිබෙනවා.
ඒ අනුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිර්දේශිත නිලධාරීන්ගෙන් අදාළ පළාත් කමිටුව සමන්විතයි.
මේ අතර, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා යොමු කළ මාර්ගෝපදේශ අදාළ අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කළ බවයි අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද සඳහන් කළේ.
කොරෝනා වසංගතය හේතුවෙන් ධීවර කර්මාන්තය සහ ධීවර කාර්මිකයින් මුහුණ පා ඇති ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබා ගැනීමට යෝජනාවලියක් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා වෙත භාර දී තිබෙනවා.
Share This Article