ලෝකයම බය කළ මාරාන්තික කොරෝනාව, වියට්නාමය විසින් කෘත්‍රිම පෙනහළු යොදාගෙන පැරද්දූ හැටි මෙන්න
Monday, 04 May 2020 - 7:21 | Views - 1,587
වියට්නාමය යනු නැගෙනහිර ආසියාවේ පිහිටි කුඩා රාජ්‍යයි. එහෙත් එය වරින් වර ලෝක ඉතිහාසයේ නොමැකෙන පරිදි තම නම මටහන් කර තැබීමට සමත් වූ රටකි.

ඒ සඳහා හොඳම උදාහරණය තම රටේදී අමෙරිකානු හමුදා පරාජයට පත් කළ ප්‍රථම සහ එකම රට බවට පත්වීමයි.
 
දැන් මෙවර කොවිඩ් වසංගතය අතරතුර දීත් යළිත් වරක් තම දේශයේ නාමය නොමැකෙන සේ සටහන් කර තැබීමට වියට්නාමය කටයුතු කරමින් සිටී.
 
ඒ එක් කොවිඩ් මරණයක් හෝ වාර්තා නොකිරීමෙන් සහ කොවිඩ්වලින් ජීවිත ආරක්ෂා කර ගැනීමට විවිධ වූ උපාය මාර්ග සාර්ථක කර ගැනීමෙන්ය.
 
පිහිටීම අතින් බැලූ කල වියට්නාමය චීනයේ අසල්වැසියාය. චීනය සහ වියට්නාමය එක්ව කිලෝමීටර් 1281ක දේශසීමාවක් බෙදා ගන්නේය. කොවිඩ් වයිරසය පැතිරීම ආරම්භ වූ වූහාන් නගරයට සහ හුබෙයි පළාතට ආසන්නතම විදේශ රට වන්නේද වියට්නාමයයි.
 
එහෙත් මේ වන විට කොවිඩ් අති සාර්ථකව පාලනය කළ රටවල් අතරට එක්වීමට වියට්නාමයට හැකි වී තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව රාමුවෙන් පිට සිතන එරට ජනතාවගේ චින්තන රටාව නිසාය.
 
වියට්නාමය කොවිඩ් රැළි දෙකකට මුහුණ දුන් රටකි. පළමු කොවිඩ් රැල්ල වූයේ චීනයේ ‍වයිරසය පැතිර යන අවස්ථාවේදී එරටින් වාර්තා වූ චීන සංචාරක ආසාධිතයන් සහ ඔවුන්ගෙන් රෝගය බෝවූ දේශීය ආසාධිතයන්ය.
දෙවැනි රැල්ල වූයේ වයිරසය ලොව පුරා පැතිර යන විට විදේශයන්හි සිට පැමිණි ජනතාව සහ ඒ මගින් රෝගය ආසාධනය වූ දේශීය ආසාධිතයන්ය.
 
මේ රෝග ව්‍යප්තීන් දෙකටම අති සාර්ථකව මුහුණ දීමට මේ වන විට වියට්නාමයට හැකි වී තිබේ. චීනයෙන් පිටතට කොවිඩ් පැතිරීමත් සමග චීනය සමග වන තම දේශසීමාව වසා දැමීමට වියට්නාමය කටයුතු කළේය.
 
එහෙත් රට තුළින් රෝගීන් වාර්තා වීම වළක්වාලීමට එරටට නොහැකි විය. දිනෙන් දින ආසාධිතයන්ගේ සංඛ්‍යාව වාර්තා වීමත් සමග රට වසා දැමීමට වියට්නාම් බලධාරීන් කටයුතු කළේය.
 
අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලු කටයුතු නවතා දමනු ලැබීය.
 
මේ වසා දැමීම ප්‍රථිපලදායක වූයේ වාර්තා වන ආසාධිතයන්ගේ සංඛ්‍යාව අඩුවීමත් සමගය. කොවිඩ් රෝගීන් 270 සීමාවේ අති සාර්ථකව වයිරසයේ පැතිරීම පාලනය කිරීමට වියට්නාම් බලධාරීන්ට හැකි වූ අතර ඉන්පසු ඔවුන් මුහුණ දුන් අභියෝගය වූයේ මරණ සංඛ්‍යාව අවම කිරීමය.
 
වියට්නාමය යනු විශාල ආර්ථිකයක් හෝ පොහොසත් සෞඛ්‍ය පද්ධිතයක් සහිත රටක් නොවේ. කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළයත්ම බොහෝ රෝගීන්ට ශ්වසන ආධාරක පද්ධති අවශ්‍ය වූ අතර ඒ සියලු අවශ්‍යතා සැපයීමට ශක්තියක් වියට්නාමයට වූයේ නැත.
 
එහෙත් විකල්ප ලෙස සිතීමේ හැකියාව ඔවුන් සතුව නොඅඩුව විය. ශ්වසන අපහසුතා ඇති කොවිඩ් රෝගීන්ට කෘත්‍රිම පෙනහලු මගින් ශ්වසන පහසුකම් ලබාදීමේ අදහස ක්‍රියාවට නැගෙන්නේ ඒ අනුවය.
 
එහිදී ශ්වසන අපහසුතා ඇතිව රෝගීන් හෘදය සහ පෙනහලු බද්ධ කිරීමේදී රෝගීන් සම්බ්න්ධ කරන යන්ත්‍රවලට සම්බන්ධකිරීමට වියට්නාම් වෛද්‍යවරු කටයුතු යොදා තිබේ.
 
ඔවුන් මේ අත්හදාබැලීම ප්‍රථමයෙන්ම සිදු කර ඇත්තේ එරටින් වාර්තා වූ 19වැනි කොවිඩ් ආසාධිතයා සම්බන්ධයෙනි.
 
මේ ආසාධිත කාන්තාව එරට සෞඛ්‍ය සේවයට සම්බන්ධ වෛද්‍යරියක් වන අතර ඇයට රෝගය ආසාධනය වී තිබුණේ එරටේ 17වැනි ආසාධිතයා වූ ඉතාලියේ සිට වියට්නාමයට පැමිණි ඇයගේ බෑණාගෙනි.
 
ඇයගේ පෙනහලු ක්‍රමයෙන් වයිරසය විසින් ගිලගැනීම ආරම්භ වූ විට ඇය කෘත්‍රිම පෙනහලු ලෙස ක්‍රියාකරන හෘදය බද්ධකිරීම්වලදී යොදා ගන්නා යන්ත්‍රයකට සම්බන්ධ කිරීමට වියට්නාම් වෛද්‍යවරු කටයුතු කර තිබේ.
 
ඔවුන්ට‍ දැක ගත හැකි වූයේ ඇය ක්‍රමයෙන් සුවපත් වන අන්දමයි. මේ යන්ත්‍ර මගින් හෘදය සහ පෙනහලු ක්‍රියාකරවන අතර මිනිස් සිරුරට බැහැරින් පවතින යන්ත්‍රය සිරුර හා සම්බන්ධ වෙමින් ශ්වසන ක්‍රියාවලියට සහය දෙමින් හෘදය ක්‍රියාකාරීත්වය දිගින් දිගටම පවත්වා ගනී.
 
එමෙන්ම වියට්නාම් වෛද්‍යවරු හඳුනාගෙන ඇත්තේ මේ යන්ත්‍රයට සම්බන්ධ කරන රෝගියාගේ රුධිරයට ඔක්සිජන් සැපයීම අඛණ්ඩව සිදු වන බවත්, එමගින් සෙසු ඉන්ද්‍රියන්ටද රුධිරය අඛණ්ඩව සැපයෙන බවත්ය.
 
කොවිඩ් වයිරසය රෝගීන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති කර එමගින් රුධිරයට අවශ්‍ය ඔක්සිජන් ලැබීම අඩපන කරන බවත් ඒ හේතුවෙන් සිරුරේ සෙසු ඉන්ද්‍රියන්ට අවශ්‍ය ඔක්සිජන් නොලැබීමෙන් හෘදය ඇතුළු ඉන්ද්‍රියන් අඩපන වී රෝගීන් මරණයට පත් වන බවත් අප සැවොම මේ වන විට දන්නා කරුණකි.
 
කෙසේ වුවද වයිරසය ආසාධනය වී අසාධ්‍ය වන රෝගීන් මේ කෘත්‍රිම පෙනහලු වශයෙන් හඳුන්වන යන්ත්‍රවලට සම්බන්ධ කිරීමෙන් ඔවුන්ගේ ජීවිත බේරා ගත හැකි බව වියට්නාමය මේ වන විට වියට්නාමය සනාථ කර තිබේ.
 
ඒ හේතුවෙන්ම වියට්නාමයෙන් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නැත. පසුගිය අප්‍රේල් 24වැනිදායින් පසුව එරටින් නව කොවිඩ් ආසාධිතයන් වාර්තා නොවන අතර දැනට වාර්තා වී ඇති ආසාධිතයන් 270න් 225ක් සුවය ලබා නිවෙස් කරා ගොස් තිබේ.
 
දැනට ප්‍රතිකාර ගන්නා රෝගීන් අතරින් තිදෙනෙක් අසාධ්‍ය මට්ටමේ පසුවන අතර ඔවුන් සඳහා දිගින් දිගටම කෘත්‍රිම පෙනහලු යන්ත්‍ර මගින් ප්‍රතිකාර ලබා ‍දෙමින් තිබේ.
 
එමෙන්ම රටතුළ දැනට තාවකාලිකව නවතා ඇති ආර්ථික කටයුතු ඉක්මනින්ම ආරම්භ කිරීමටද හැකිවනු ඇතැයි වියට්නාම් සෞඛ්‍ය බලධාරීහු විශ්වසනිය සුභ ආරංචි පතුරවා තිබේ.
 
උපුටා ගැනීම - ටිරෝනි වැවලගේ
සිළුමිණ පුවත්පත

China coronavirus: Vietnam flags likely human transmission case of ...Vietnam's coronavirus offensive wins praise for low-cost model ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top