ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල පමණක් නිවසින් බැහැරව යාම හැඳුනුම්පතේ අවසන් අංකය අනුව
Monday, 04 May 2020 - 7:10 | Views - 1,008
ඇදිරිනීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිලට ගැනීමට අද නිවසින් බැහැරව යා හැක්කේ ජාතික හැදුනුම්පතේ අවසාන අංක ලෙස 01 හෝ අංක 02 ඇති පුද්ගලයින්ට පමණක් බව දැනුම් දෙනවා.
ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසි සේත් අදාළ නොවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ.
කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර ලැබෙන්නේ නැහැ.
Share This Article