කොරෝනා මර්දන ව්‍යාපෘතිය කඩා කප්පල් කිරීමට විපක්ෂය උත්සාහයක
Sunday, 03 May 2020 - 19:55 | Views - 593

පැරණි පාර්ලිමේන්තුව යළිත් කැදවා ආණ්ඩුවේ මුදල් සැපයුම හිර කිරීම තුළින් කොරෝනා මර්දන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට විපක්ෂය උත්සාහ කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එමඟින් ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීම විපක්ෂයේ පරමාර්ථය වී ඇති බවයි.
රට තුළ ඇතිව තිබෙන ව්‍යවසනය මධ්‍යයේ වුවත් පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවත්, විවිධ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමට ආණ්ඩුවට නෛතික බලයක් නොමැති බවටත් විපක්ෂය චෝදනා කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ මෙරට තුළ එකදු කොරෝනා රෝගියෙකු නොසිටි අවස්ථාවක වුවත් ඉන් සති එකහමාරකට පසු රෝගියෙකු වාර්තා වීමත් සමහ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම පියවර ගත් බවයි එහි දැක්වෙන්නේ.
ස්වාධීන මැතිවරණ කොමිසමට හිමි බලතල අනුව ඔවුන් සුදුසු අවස්ථාවක මැතිවරණය පවත්වනු ඇතැයි පවසන අග්‍රාමාත්‍යවරයා මහ මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බවද පෙන්වා දුන්නා.
විපක්ෂය චෝදනා කරන පරිදි අප්‍රේල් මස 30 වැනිදායින් පසු ජනාධිපතිවරණයට මුදල් වියදම් කිරිමට බලයක් නැතැයි තර්ක කිරීම විකාර ස්වරූපි තර්කයක් බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අභිනව පාර්ලිමේන්තුව රැස් වූ පසු පැරණි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද මොහොතේ සිට නව පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාව සැලසෙන බැවින් එතෙක් ජනතාවට බොරු නොකියා සිටිය යුතු බව අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
මෙම අවස්ථාවේදි අප මැතිවරණ හා දේශපාලන ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම බැහැර කොට කොරෝනා වසංගතය පාලනය කිරීමටත් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වටයට පත් කිරීමට අවදානය යොමුකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.
Share This Article