හුදකලා කෙරුණු අකුරණ සහ බේරුවල යළි විවෘතයි - සුවය ලැබූ තවත් 10ක් නිවෙස් වෙත
Sunday, 03 May 2020 - 19:53 | Views - 773
දින 35ක් තිස්සේ හුදෙකලා කර තිබූ මහනුවර, අකුරණ සහ දින 19ක් තිස්සේ හුදෙකලා කෙරුණු බේරුවල - පන්නිල සහ චීනකොටුව ප්‍රදේශවලට මෙන්ම දින 32ක් තිස්සේ හුදෙකලා කර තිබූ මරදාන - ඉමාමුල් අරුස් මාවත ප්‍රදේශයට පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

කොවිඩ් නයින්ටීන් වෛරස් ආසාදිතයන් හමුවීම හේතුවෙන් මහනුවර - අකුරණ ප්‍රදේශයේ පසුගිය මාර්තු 29 වන දා සිට හුදෙකලා කෙරුණු අතර, බේරුවල - පන්නිල සහ චීනකොටුව යන ගම්මාන හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණු ලැබුවේ පසුගිය  මස 14 වන දා සිටයි.

අප්‍රේල් මස 1 වන දා සිට  මරදාන - ඉමාමුල් අරුස් මාවත හුදෙකලා කෙරුණා. එමෙන්ම, පසුගිය 27 වන දා සිට හුදෙකලා කෙරුණු වව්නියාව - මහකච්චිකොඩිය ප්‍රදේශය දින 6කට පසු අද යළි විවෘත කෙරුණා.

මෙරට 3 වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයා හමුවූ මරදාන - ඉමාමුල් අරුස් මාවත අද යළි විවෘත කෙරුණා.

එමෙන්ම, අද දිනයේ නව කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 706 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ අද තවත් රෝගීන් 10 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගිය බවයි.

ඒ අනුව වෛරසය ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 182ක්. එමෙන්ම, තවත් පුද්ගලයින් 517 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා.  

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වැලිසර නාවික හමුදා කදවුර තුළ සිටි සාමාජිකයින් සහ නිවාඩු ලබා ගොස් සිට නැවත ගෙන්වා ගත් සෙබළුන් සියළු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇති බවයි.

ඊයේ දිනයේදී මෙරට වාර්තාගත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇති අතර එය 1681ක් ලෙසයි දැක්වෙන්නේ.

මෙයින් 698ක්ම සිදුකර ඇත්තේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වන අතර එම සංඛ්‍යාව 689ක්. පරීක්ෂණවලට අනුව එක් පුද්ගලයෙකුට පමණක් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම විශේෂත්වයක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ.

මේ වන විට කොවිඞ් නයින්ටීන් නව ආසාදිතයින් වාර්තා වීම අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථාන 36ක පුද්ගලයින් 4635 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වන බවයි.  

මේ අතර, ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති  නෞකාවක කාර්ය මණ්ඩලයට අයත්  230 දෙනෙකු රැගත් නෙදර්ලන්ත ගුවන් යානයක් අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපලට පැමිණියා.

මෙම ගුවන් යානය අදාළ නෞකාවේ රැඳී සිටි සේවකයන් 53 දෙනෙකු රැගෙන අද රාත්‍රී 8.30 ට නැවත නෙදර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

එමෙන්ම, කොරෝනා වෛරසයත් සමඟ නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සහ ඉන් පිටස්තර කර්මාන්තශාලා යළි සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

මැයි මස 11 වන දා වන විට තවත් කර්මාන්තශාලා රැසක් සිය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන අතර, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පමණක් පසුගිය බ්‍රහස්පතින්දා වන විට කර්මාන්තශාලා 62ක් ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මීට අමතරව බියගම නිදහස් වෙළඳ කලාපයේ ද කර්මාන්තශාලා 52ක නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ, කොවිඞ් නයින්ටීන් වසංගතය ආරක්ෂිත අංශ වෙත ව්‍යාප්ත වීමේ වගකීම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු වත්මන් රජය භාර ගත යුතු බවත්, වෛරසය පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල අවිධිමත් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top