සහරාන් ගෙන්වා අවි පුහුණුව දීමට සැලැස්වූ කල්පිටිය NGO භාරකරු අත්අඩංගුවට
Sunday, 03 May 2020 - 19:48 | Views - 829
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ගෙන්වා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයන් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම සහ අවි පුහුණුව ලබාදීමේ සිද්ධියකට කල්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම සංවිධානයේ භාරකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ සහරාන් හෂීම්ට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් දෙදෙනෙකු මෙම ස්ථානයේ අන්තවාදී දේශන පවත්වා ඇති බවයි.
Share This Article