අගමැතිගේ සාකච්ඡාව එජාපයත් වර්ජනය කරයි
Sunday, 03 May 2020 - 17:14 | Views - 794
අග්‍රාමාත්‍යවරයා සමඟ හෙට පැවැත්වෙන රැස්වීමට සහභාගි නොවීමට එක්සත් ජාතික පක්ෂය ද තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු අමාත්‍යවරුන් ඇතුළු සියලූම හිටපු මන්ත්‍රීවරුන්ටත්, අනෙකුත් ක්‍රියාකාරී දේශපාලන නායකයින්ටත් මෙම රැස්වීමට ආරාධනා කිරීම ඊට හේතු වී ඇති බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් 225 දෙනාම සාකච්ජාවක් සඳහා හෙට පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැදවා ඇති අතර මේ වනවිට සමඟි ජන බලවේගය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම සාකච්ජාවට එක් නොවන බව දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් ඊයේ සඳහන් කළේ මෙම සාකච්ජාවට තම පක්ෂය එක්වන බවයි.
එහෙත් එම තීරණය වෙනස් කරමින් එක්සත් ජාතික පක්ෂය අද නිවේදනය කළේ තමන් මෙම සාකච්ජාව වර්ජනය කරන බවයි.
Share This Article