අනාචාරයේ ගිය, බිරිඳ බය කරන්න ගිනි අවියක් රැගෙන ආ සැමියාට සිදු වුණ දේ
Sunday, 03 May 2020 - 16:57 | Views - 570
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මාතර, හම්බන්තොට දිසා වැටලීම් ඒකකය විසින් සෙල්ලකතරගම, දඹේ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි එක්දරු පියෙක් බවයි අප වාර්තාකරු කියා සිටියේ.
අනාචාරයේ යෙදෙන සිය බිරිඳ බිය වැද්දීමට මෙම ගිනි අවිය නිවසේ සඟවාගෙන සිටි බවයි පොලිසිය විසින් සිදු කළ ප්රශ්න කිරීම් හමුවේ සැකකරු ප්රකාශ කර ඇත්තේ.
සැකකරුගේ බිරිඳ වසර හතක් විදෙස් ගතව සිටි යළි මෙරටට පැමිණ ඇති අතර ඉන් අනතුරුව ඇය අනාචාරයේ හැසිර ඇති බව ද සඳහන්.
ඇය බිය කිරීම සඳහා සැකකරු විසින් මෙම ගිනි අවිය රැගෙනවිත් ඇති අතර ඉන් අනතුරුව සිය බිරිඳ අනාචාරයේ නොයෙදුණු බව ද සැකකරු පොලිසිය හමුවේ ප්රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් ගිනි අවියක් සන්තකයේ තබාගැනීමේ වරදට සැකකාර සැමියා තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.
Share This Article