කොරෝනා නිසා වසා දැමුණු ඉරානයේ දේවස්ථාන යළි හෙට සිට විවෘතයි
Sunday, 03 May 2020 - 16:55 | Views - 415
කොවිඞ් නයින්ටීන් වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉකුත් මාර්තු මාසයේදී වසා දැමුණු දේවස්ථාන හෙට සිට විවෘත කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා.
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ස්ථාපිත කළ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අමතමිනුයි ඉරාන ජනාධිපති හසන් රවුහානි මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ.
ඒ අනුව ඉරානයේ ජනපද 132ක පිහිටා ඇති දේවස්ථාන හෙට සිට විවෘත කෙරෙනු ඇති.
මෙම රැස්වීම රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ එකට එකතු වී යාඥා කරනවාට වඩා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම වැදගත් බවයි.
මේ අතර, කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු සහ සීමා කෙරුණු ජර්මනියේ දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් අද සිට යළි ආරම්භ කර තිබෙනවා.
Share This Article