කොරෝනා නිසා වසා දැමුණු ඉරානයේ දේවස්ථාන යළි හෙට සිට විවෘතයි
Sunday, 03 May 2020 - 16:55 | Views - 416
කොවිඞ් නයින්ටීන් වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉකුත් මාර්තු මාසයේදී වසා දැමුණු දේවස්ථාන හෙට සිට විවෘත කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ස්ථාපිත කළ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අමතමිනුයි ඉරාන ජනාධිපති හසන් රවුහානි මේ බව ප්‍රකාශ කරනු  ලැබුවේ.

ඒ අනුව ඉරානයේ ජනපද 132ක පිහිටා ඇති දේවස්ථාන හෙට සිට විවෘත කෙරෙනු ඇති.

මෙම රැස්වීම රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ එකට එකතු වී යාඥා කරනවාට වඩා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම වැදගත් බවයි.

මේ අතර, කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු සහ සීමා කෙරුණු ජර්මනියේ දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් අද සිට යළි ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top