ඇඳිරි නීතිය කැඩූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 4ක් අත්අඩංගුවට
Sunday, 03 May 2020 - 16:00 | Views - 843
ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 4 දෙනෙකු මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොරි රථයකින් පැමිණි මොවුන් මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරීන් පරීක්ෂා කර ඇති අතර, එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති බවට එහිදී අනාවරණ වුණා.
මොවුන් ගමන් ගත් ලොරි රථයේ තිබී ගමන් මළු කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමත් සමඟ පූජනීය ස්ථාන වැද පුදා ගැනීමට යාම සෞඛ්‍ය අංශ විසින් තහනම් කර ඇති අතර, ශ්‍රී පාදස්ථානයට හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන් හෝ සංචාරකයින්ට ගමන් කිරීමට පොලීසිය ඉඩ ලබාදෙන්නේ නැහැ.
Share This Article