දිය නාමින් සිටී තරුණියන්ව වීඩියෝ කරපු අසහනකාරයෙකුගේ කෙරුවාව, CCTV කැමරාවකින් එළියට
Sunday, 03 May 2020 - 14:33 | Views - 1,095
ගාල්ල ඉමදුව පොලිස් කොට්ඨාසයේ, හව්පේ ප්‍රදේශයේ නිවසක නාන කාමරයක දිය නාමින් සිටි තරුණියක දෙස එහිවූ කවුළුවකින් පිටතින් ජංගම දුරකථනයක් යොමුකර වීඩියෝ ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 42 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය පවසනවා.

නාන කාමරයේ ස්නානය කරමින් සිටි කාන්තාව මෙම සිද්ධිය දැක ඒ ගැන නිවස හිමි තම සොහොයුරිය වෙත දැනුම් දීමේදි සැකකරු පලාගොස් ඇති බව සඳහන්.
 
ඉන් අනතුරුව, නිවසේ සවිකර තිබෙන ආරක්ෂිත කැමරා තුළ පටිගත වී තිබූ දර්ශණ පරික්ෂාවේදී සැකකරු අසල නිවසක වෙසෙන පුද්ගලයෙක් බව තහවුරු වීමෙන් පසුව පොලීසිය සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
 
අදාල නිවසේ ගෘහ මුලීකයා විදෙස් රටක සේවය කරණ බවත් නිවස හිමි කාන්තාවගේ රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සහාය වීම සඳහා සිය නැගණිය මෙම නිවසට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇති බවත් පොලිසිය පවසනවා.
 
පසුව සැකකරුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී අදාළ සිද්ධියේ දර්ශණ මකා දමා ඇතැයි සඳහන්.
 
සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (03) දින ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
 
වැඩිදුර පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.

උපුටා ගැනීම - මව්බිම පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top