හුදකලා කෙරුණු අකුරණ සහ බේරුවල යළි විවෘත කෙරේ
Sunday, 03 May 2020 - 14:30 | Views - 646
හුදකලා කළ මහනුවර - අකුරණ සහ කළුතර - බේරුවල ප්‍රදේශ යළි විවෘත කළ බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවීමත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස මෙම ප්‍රදේශ හුදකලා කිරීමටයි පියවර ගැනුනේ.
අකුරණ මෙන්ම බේරුවල - පන්නිල සහ චීනකොටුව ප්‍රදේශ මෙලෙස හුදකලා කර තිබූ අතර, ඒවා යළි විවෘත කිරීම අද සිදුකර තිබෙනවා.
Share This Article