මහා සංඝරත්නයට අපහාස කිරීමට LTTE හිතවාදී දෙමළ ඩයස්පෝරාව දැරූ තැතක් වැරදුන හැටි
Sunday, 03 May 2020 - 14:27 | Views - 1,142

මඩකලපුවේ මංගලරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ හඬ ව්‍යාජ ලෙස යොදා ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමට එල්. ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාව දැරූ උත්සාහයක් වැරදී ගොස් තිබෙනවා.
විදේශගතව සිටින දෙමළ ඩයස්පෝරාවේ පුද්ගලයෙකු බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ලෙස හැඟී යන පරිදි සිවුරක් ආකාරයට තුවායක් හෝ වෙනයම් රෙද්දක් පොරවාගෙන, හඬ පටයක් පසුබිමින් වාදනය කරමින්, රඟපෑමක නිරත වෙමින් මෙසේ මහා සංඝරත්නයට අපහාස කිරීමට දරන තැත ඇතුළත් වීඩියෝ පටයක් පළමුව සමාජ මාධ්‍යවල සංසරණය වුනා
වීඩියෝවේ පළමු තත්පර 29ත් 32ත් අතර විමසිලිමත්ව නැරඹීමේදී හඬ පටයක් පසුබිමින් වාදනය කර මේ පුද්ගලයා ඔහුගේ හඬ ද එයට මුසු කරන බව මනාව පෙනී යනවා.
විදේශගත මුළු දෙමල ප්‍රජාව තුළම මෙය සංසරණය කරමින් එල්.ටී .ටී .ඊ. හිතවාදී මාධ්‍ය ජාලය ඒ සඳහා විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබෙනවා.
කෙසේවෙතත් මෙම වීඩියෝව ව්‍යාජ ලෙස සකස් කළ එල්. ටී. ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ පුද්ගලයා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීමට මෙය හිතාමතාම කළ දෙයක් බව එය නැරඹීමේදී පැහැදිලි වනවා.
පළමු වීඩියෝව ප්‍රචාරය කර දින කිහිපයකට පසුව ඔහු මේ පිළිබඳ සමාව අයදින අයුරු ද දැක්වෙන තවත් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
මේ වන විටත් මේ වීඩියෝ පට දෙකම ශ්‍රී ලංකා රජයේ අදාළ අංශ වෙත ලබා දී ඇති බවද හිරුට වාර්තා වුනා.
මේ අතර එල්. ටී. ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාව සිය කළු සල්ලි යොදාගෙන ශ්‍රී ලංකාව තුළද, මාධ්‍ය ආයතන මිලට ගනිමින් ජාතික මාධ්‍ය ලෙස පෙන්වීමට දරන උත්සාහයද අළු යට යට ගිනි පුපුරු මෙන් මේ වනවිට මතුවෙමින් පවතිනවා.
බොහෝ ජාතික සංවිධාන විසින් ද එම කුමන්ත්‍රණය හෙළිදරව් කරමින් සිටිනවා.
Share This Article